தமிழ்
English
Contact
Friday 3rd May 2019    
ව්‍යවස්ථා කතාව ආණ්ඩුවේ ගුණ්ඩුවක් බව රනිල්ම කියයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ව්‍යවස්ථා කතාව ආණ්ඩුවේ ගුණ්ඩුවක් බව රනිල්ම කියයි!



විපක්ෂයේ විවිධ දේශපාලනඥයන් විසින් ආණ්ඩුව රට බෙදන්න යන බවට විවේචන කරමින් ජනතාව ඇවිස්සීමට උත්සාහ කළද තමන් රට පාලනය කරන්නේ මහනායක හිමිවරුන්ගේ අනුශාසනා අනුව බව අගමැති රනිල් වික්‍රමසිංහ අද(19) ගාල්ල, යක්කලමුල්ල විහාරස්ථානයක නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් පැවසීය.

යක්කලමුල්ල, කරාගොඩ පූර්වාරාම විහාරයේ මෙම උත්සවයේදී අගමැතිවරයා පවසා ඇත්තේ විපක්ෂය රට බෙදන බවට කරන චෝදනා බොරු බව කිවහැකි වන්නේ එවැනි නව ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නැති අවස්ථාවක බවය. එහෙ.් දෙමළ ජාතික සන්ධානය පවසන්නේ පෙබරවාරි 4 වැනිදා නව ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එන්නට ආණ්ඩුව පොරොන්දු වී ඇති බවය. දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ආණ්ඩුවට හිමිවීම නිසා රාජපක්ෂවාදින් පවසන්නේ නව ව්‍යවස්ථා ගෙන එන බවට දෙමළ ජාලික සන්ධානයට ආණ්ඩුව පොරොන්දු වී ඇති බවත් එම නව ව්‍යවස්ථාවෙන් රට බෙදන බවත්ය. කෙසේවෙතත් ආණ්ඩුව දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු ප්‍රතිපත්තිමය ස්ථාවරයක නැති බවත් දෙමළ ජාතික සන්ධානයට වරප්‍රසාද හිමිකරදෙන පියවර මිස දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන එන්නේ නැති බව මෙයින් පෙනී යයි. විපක්ෂය සිය දේශපාලනයේ පටු අරමුණු වෙනුවෙන් ආණ්ඩුවට අවලාද නගමින් ජාතිවාදය අවුස්සන අතරම ආණ්ඩුවද දෙමළ ජාතික සන්ධානය සම බල අරමුණු වෙන්වෙන් දෙමළ දේශපාලනඥයන් සමග හෙට්ටු කරමින් බලසූදුව ඉදිරියට පවත්වාගෙන යයි.