වැටී සිටි එ.ජා.ප. සවිමත් කිරීම ගැන ජනාධිපති මෛත්‍රිපාලට ස්තුතියි! – නවීන් දිසානායක

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරිමට ක්‍රියා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිය ස්තුතිය පුද කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක පවසයි.

මන්ත්‍රිවරයා ඒ  බව කියා සිටියේ මස්කෙළිය ආසනයේ අද(9) ගිනිගත්හේන මිලාර් ඉන් හෝටලේ පැවති එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්විම අමතමිනි. පසුගිය කාලයේ  එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් සමාජිකයන් කලකිරිමෙන් සිටියත් ඇති වු දේශපාලන පෙරළියත් සමග මත භේද පසකලා සියළු එක්සත් ජාතික පක්ෂිකයන් එකට එක් වි එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කර ඇති බව මන්ත්‍රිවරයා පවසයි.

 

Chandana Sirimalwatte :