එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝකාලීන උපදේශකයකු වූ ආචාර්ය වික‍්‍රම වීරසූරිය ඊයේ(5) කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවයට පත් විය.
ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් 1972 වසරේ දී ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇති වික‍්‍රම වීරසූරිය, මෙරට සහ විදේශීය විශ්ව විද්‍යාල රැසක ආචාර්යවරයකු ලෙස ද කටයුතු කළේය. ජේ. ආර් ජයවර්ධන ආණ්ඩුවේ සැලසුම් ක‍්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ ඔහු මෙරට පළමු රක්ෂණ ඔම්බුඩ්ස්මන්වරයා ද වේ. ජේ.ආර්. පාලනය විසින් 1978දී නවලිබරල් ප්‍රතිසංස්කරණ හදුන්වාදීමේදී ඔහු එවකට මුදල් ඇමති සමග සහයෝගයෙන් කටයුතු කළේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ මෙන්ම හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධනගේ උපදේශකවරයකු ලෙස ද ඔහු කටයුතු කළේය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ වීරසූරිය ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය.