විදුලි අර්බුදයට හේතුව ආයතන දෙකක ගැටුමක් බව ජනපති කියයි

මේ දිනවල ඇතිව තිබෙන විදුලි අර්බුදයට හේතුව විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

රවී කරුණානායක, කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන ඇමතිවරුන්ගේ මූලිකත්වයෙන් විදුලි අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක්ද පත්කරනු ලැබ ඇත.

Sithara Sajeewani :