Posted on 03.04.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් එහි ආරම්භක අරමුණ බිඳ දමමින් ඉහළ බලධාරින්ගේ අරමුණු අනුව කටයුතු කරමින් හදිසි විදුලි මිලදී ගැනීම් අනුමත කිරීමට යන බව වාර්තාවේ.
එම කොමිසම පිහිටුවනු ලැබුවේ විදුලි පාරිභෝගිකයන් මත බර පටවන ආකාරයෙන් අධික මිලකට විදුලිය මිලදී ගැනීමේ අවස්ථා අවම කිරීමේ අරමුණෙනි. විවිධ කොමිස් ජාවාරම් අනුව, ලංකා විදුලිබල මණ්ඩලය තාවකාලික හදිසි විදුලි මිලදී ගැනීම් දිගටම කරගෙන යනු ලබන්නේ රට තුළ කිසිදු හදිසි තත්වයක් ඇතිවී නොමැති තත්වයක් තුළය. මේ වනවිට විදුලි ඒකකයක් (මෙගා වොට් එකක්) රුපියල් 28 – 30 ක තීරු ගාස්තුවකට ‘වී පවර්’ නම් ආයතනයෙන් මිලදී ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇති බව අනාවරණය වී ඇත. විදුලි බලාගාර තුනක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් පවතින්නේ මෙගා වොට් ඒකකයක් රුපියල් 23- 24 ක ගාස්තුව යටතේ වුවද ඒවායේ විදුලි සැපයුම් ගිවිසුම් ඉක්මනින්ම අවසන්වීමට නියමිත නිසා කොමිස් ගරා ගැනීමේඅරමුණින් ඉහත අනුමැතියන් ලබාදී ඇත.
එම විදුලි බලාගාරවල අවශ්‍යතාව සඳහා බර උදුන් තෙල් සපයන්නේ තෙල් සංස්ථාවය. එම හේතුව නිසා තෙල් සංස්ථාවේද ආදායම් මාර්ගයක් අවදානමට ලක් කරමින් එම බලාගාරවල සැපයුම් අවසන් කිරීම මගින් ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන් බාහිර විදුල් සැපයුම් ව්‍යාපාරිකයන්ගෙන් කොමිස් ගැසීමට නියමිත බව පැහැදිලිය.
මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආණ්ඩුව විසින් පත් කළ නව කොමිෂන් සභාව මෙම දූෂිත ගනුදෙනුව සිදු කිරීමට නියමිතය.