Posted on 08.26.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය ආණ්ඩුව විසින් විදේශ රටවල තානාපති කාර්යාලවල සේවයට අනුයුක්ත කළ නිලධාරින් පිරිසක් නැවත කැඳවන්නට ආණ්ඩුව තීරණය කර ඇත.
විදේශ සේවය සඳහා මෙරටින් විදේශගතවන පුද්ගලයන්ගේ සුබසාධන හා කම්කරු සබඳතා සඳහා මැදිහත්වීම පිණිස යොදවන ලද නිලධාරින් 120ක් මෙසේ නැවත කැඳවන බව දැනගන්නට ඇත.
කොරෝනා සමයේ විදේශ සේවයේ යෙදුණු ලාංකිකයන්ට රැකියා අහිමිවීම හා සෞඛ්‍ය සේවා පමණක් නොව, නවාතැන් පහසුකම් අහිමිවම වැනි බරපතළ ගැටලු ඇති වූ අතර ඒ් සම්බන්ධව ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය අවම බවට විදේශ රටවල සේවකයන් සිය ඥාතීන්ට හා සමාජ මාධ්‍ය වෙත අනාවරණයකර තිබිණි. විශේෂයෙන් මැදපෙරදිග කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග තමන් අනාරක්ෂිත තත්වයෙන් මුදාගෙන ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. මාර්තු මාසයේ පමණ ඒසේ දිගින් දිගටම කෙරුනු ඉල්ලීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් විදේශ සේවායේ ශ්‍රමිකයෝ කලකිරීමකට හා කෝපයට පත්ව සිටිති. මේ වනවිට ලංකාවේ කොරෝනා වසංගතයෙන් මරණ 12ක් වුවද මැදපෙරදිගදී ඒසේ මිය ගිය ගණන 40 ඉක්මවා ඇතැයි වාර්තා වේ.