Posted on 01.11.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවන් කිහිප දෙනෙකු සමඟ සිදුකරන සංවාද ඇතුලත් හඬ පට පිළිබඳ සොයා බලා ඉක්මණින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්සා පවසා ඇත්තේ මෙම ගැටළුව හරහා අධිකරණයේ ස්වාධීනත්වය යන සංකල්පය ගැන ගැටලුවක් මතුකරන බවයි.
මහජනතාව තුළ අධිකරණ පද්ධතිය ගැන තිබෙන විශ්වාසය ඇතිවීම සඳහා ස්වාධින අධිකරණය පිළිබඳ අදහස සහ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන බවත් මෙවැනි සිදුවීම් හරහා එම විශ්වාසයට හානි පැමිණෙන බැවින් වහාම මෙම හඬපට සිදුවීමට එරෙහි පියවරක් ගන්නා ලෙස නීතිඥ සංගමය ඉල්ලා සිටියි.