Posted on 12.27.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නීතීඥ සංගමයේ නිලවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයකුට සහාය පිණිස යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වාගේ නියෝගයකින් දෙසැම්බර් 18 වන දින යුද හමුදා මූලස්ථානයේ කැඳවන ලද ප්රචාරක රැස්වීමක් පිළිබඳ theleader.lk වෙබ් අඩවිය වාර්තාකර ඇත.
‘පරිපාලන පරීක්ෂණයක්’ පවතින බවත් ඔවුන්ගේ පැමිණීම අවශ්‍ය බවත් කොළඹින් පිටත නිලධාරීන්ට දැනුම් දී තිබී ඇත. යුද හමුදාපති විසින්ම කොළඹ සහ බස්නාහිර පළාත පුරා රැස්වීම් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කර ඇත. අත්‍යවශ්‍ය නොවන රැස්වීම් අධෛර්යමත් කරනු ලැබුවද, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි මෙම රැස්වීම සංවිධානය කර ඇති බවට එහි සඳහන්ය.
ශ්‍රී ලංකා හමුදාවේ නීති නිලධාරීන් දෙසැම්බර් 18 වන දින යුද හමුදා මූලස්ථානයේදී අනිවාර්ය රැස්වීමක් සඳහා කැඳවා තිබුණු නමුත් එදින පරිපාලන පරීක්ෂණයක් වෙනුවට නීතිඥ සංගමයේ නිලවරණය සඳහා ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්රචාරක රැස්වීමක් පැවති බවද සහභාගි වූ නිලධාරින් පවසා ඇත.
මෙම රැස්වීම අවසානයේ කොක්ටේල් සාදයක් පැවැත්වූ බවද කෙසේවෙතත් අවසානයේ මෙම සාදයට පැමිණි යුද හමුදාවේ විනිසුරු අද්වකාත් සහ ඔහුගේ කාර්යාලයේ සෙසු නිලධාරීන් නිරෝධායනයට ලක් කර තිබෙන බවද වෙබ් අඩවිය පවසයි.
(මූලාශ්‍රය – theleader.lk)