විශේෂ මහාධිකරණ විනිසුරන් පත්කරයි

ඉහළ පැලැන්තියේ වංචු දූෂණ සම්බන්ද නඩු ප්‍රමාදය මගහැරවීමට අධිකරණ සංශෝධන පනතට අනුව  ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඊයේ(22) ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ලෙස කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.  මෙම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුන් පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමක අනුව මෙම මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනා පත් කොට ඇතැයි වාර්තා වේ

Chandana Sirimalwatte :