Posted on 11.19.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
රංජන් ප්රසන්නගේ ප්රථම සිනමා නිර්මාණය ‘විසංගමනය’ චිත්රපටයට විදේශ සිනමා උලෙල වලදී සම්මාන හිමි වී ඇත.
අන්දමන් හා නිකොබාර් ජාතයන්තර සිනමා උලෙලේදී අවසන් වටයට තෝරාගත් සිනමා කෘති 69ක් අතුරින් පළමු අධ්යක්ෂණය යටතේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානය ‘විසංගමනය’ චිත්රපටයට හිමිව ඇත.
එසේම ‘ගෝල්ඩන් ලීෆ්’ සම්මාන උලෙලේදී ද පළමු අධ්යක්ෂණය යටතේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානය දිනාගෙන ඇත.
ජපානයේ Lift Off(2020) සිනමාඋළෙලේ අවසන් වටයේ පළමු අධ්යක්ෂණය යටතේ තොරාගත් දෙවැනි හොඳම සිනමා කෘතියට හිමි ඇගයීම අධ්යක්ෂ රංජන් ප්රසන්නට හිමි විය.
මෙම චිත්රපටය ඉතාලියේ පැවැත්වෙන, Rome Independence Prisma Awards සිනමා උලෙලෙහි අවසන් වටයටද නිර්දේශ වී ඇත.
උපාලි ගම්ලත්ගේ තිර රචනයක් ලෙස ‘විසංගමනය’ චිත්රපටය, මහේෂ් විජේරත්නගේ නිෂ්පාදනයකි. මෙහි රංගනයෙන් දායක වන්නේ ඩග්ලස් රණසිංහ, හයසින්ත් විජේරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, අශාන් ඩයස්, සමනලී ෆොන්සේකා, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ, චින්තක කුලතුංග, චරිත් අබේසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ගාමිණි ජයලත්, බන්දුල සූරියබණ්ඩාර හා සුජීව කරුණාරත්න යන රංග ශිල්පීහු වෙති.
මෙම සිනමා නිර්මාණයට සංගීතය නිර්මාණය කර ඇත්තේ ප්රවීන සංගීතඥ සමන්ත පෙරේරා විසිනි. ප්රවීන් ජයරත්න සංස්කරණයෙන්ද තිසුලදීප තඹවිට කැමරාකරනයෙන්ද දායක වී ඇත.