Posted on 09.08.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් 10 වසංගත තත්ත්වයත් සමඟ සෞදි අරාබියේ සිරවී සිටින වීසා බලපත් කල් ඉකුත්වූ ලාංකිකයන්ට කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීම සඳහා එරට රජය අවසර ලබා දී තිබේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ පිටවීමට නොහැකි වු ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෞදි අරාබි රජය මෙම තාවකාලික පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව වලංගු හෝ කල්ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක් නැවත ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඔනෑම ශ්‍රී ලාංකිකයෙකුටම එරටින් පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව පිටවීමට අවසර හිමිවනු ඇත.