Posted on 06.23.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දෙහිවල, නැදිමාලේ ගබඩාවක තිබූ කල්ඉකුත් වූ ඖෂධ තොග වෙළඳපොළට නිකුත්කර ඇත්දැයි සොයාබලා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.
රටපුරා ඔසුසල් පරීක්ෂාකර එම ඖෂධ වර්ග ඒවායින් ඉවත්කර ගැනීමට වැඩපිළිවෙල සකස්කර තිබෙන බවද එම අධිකාරිය කියයි.
වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග සහ පැහැපත් වන ඖෂධ වර්ග කල්ඉකුත් වූ පසුව වෙනත් ඇසුරුම්වල දවටා වෙළඳපොළට යවන ජාවාරමක් ඊයේ (22) සොයාගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමත් විය.
එම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම අධිකාරිය පවසා තිබේ.