ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම ලෙස හදුන්වන ඇමතිවරු ලෙස සිට ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සංවිධායක තනතුරු ඉවත් කර නව සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
ඊයේ(20) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ රැස් කෙරුනු ශ්‍රිල.නි.ප. මධ්‍යම කාරක සභාව,මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ ආසනවල ශ්‍රිල.නි.ප. ආසන බල මණ්ඩල පිහිටුවීමට එකී සංවිධායකයන් විසින් කටයුතු කර නොමැති වීමහේතුවෙන් බව සදහන්ව ඇත.
ඒ අනුව තනතුරු අහිමි වූ මන්ත්‍රිවරු මෙසේය.
1. සුසිල් ප්‍රේමජයන්ත – කඩුවෙල සංවිධායක ධූරයෙන් ,
2. ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න – රත්නපුර සංවිධායක ධූරයෙන් ,
3. අනුර ප්‍රියදර්ශන යාපා – කටුගම්පොළ සංවිධායක ධූරයෙන් ,
4. ලක්ෂ්මන් යාපා අබේවර්ධන – හක්මන සංවිධායක ධූරයෙන් ,
5. චන්දීම වීරක්කොඩි – හබරාදූව සංවිධායක ධූරයෙන්
ඉවත් කර ඇත.
මෙසේ පුරප්පාඩු වූ ආසන සදහා අලුතින් සංවිධායකවරුන් අද (21) දිනයේදී පත් කිරීමට ශ්‍රිල.නි.ප. මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.