එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ඇති යෝජනාව ඉවත් කර ගැනීමට රජය කටයුතු නොකරන්නේ නම් මින් ඉදිරියට සංහිදියාවට අදාළ කටයුතු සඳහා සහය නොදෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක ඊයේ (23) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ඇති යෝජනාව ඉවත් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ක්‍රියාත්මක නොකර සත්‍ය සෙවීමේ කොමිෂන් අතුරුදන්වුවන්ගේ ලේකම් කාර්යාල හානි පූර්ණ වන්දි ගෙවීම් ආදිය කිරීමෙන් පලක් නොවන බව ද ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
කැබිනට් ඇමති මණ්ඩල යෝජනාවක් ලෙස සත්‍ය සෙවීමේ කොම්ෂන් සභාවක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් පිළිබඳ ඇමතිවරයා විරෝධය පළ කළද අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ යෝජනාවට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.