සරල දිවියකට හුරුවෙන ලෙසට ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවති නත්තල් දේව මෙහෙයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි.
එසේම කොළඹ අගරද ගුරු මැල්කම් රංජිත් හිමියන්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ දේව මෙහෙයට එක්වෙමින් සඳහන් කර සිටියේ වෙළඳ භාණ්ඩ පදනම් කරගත් උත්සවයක් ලෙස බොහෝ දෙනා නත්තල් උත්සවය සමරන බවයි.
මේ ආකාරයට ආගමික නායකයන් භාණ්ඩ පරිභෝජනයෙන් ඈත් වෙන ලෙසත් සරල ජීවිතයකට හුරුවෙන ලෙසත් උපදෙස් දීම විටින් විට දක්නට ලැබේ. මිනිසුන්ට සමාජ සංවර්ධනය නිසා නිර්මාණය වී ඇති සමාජ ජයග්‍රහණ බහුතර ජනතාවකට භුක්ති විඳීමට නොලැබීම ගැන ඔවුන් කට නොසොල්වයි. එසේම මෙවැනි ප්‍රකාශ කරමින් පාලකයන්ට ප්‍රසංශා කරනු විනා එම පාලකයන් නිසා බහුතර ජනතාවකට අත්ව ඇති ඉරණම ගැනද ඔවුන් නිහඬය.