Posted on 08.02.2019 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
සාහිත්‍ය කලාව පිළිබද සිදුවෙමින් තිබෙන පිටකැසීමේ ඇගයීම හෝ ගර්හාවට ලක්කර බැහැර කිරීමට වඩා කෘතීන් පිළිබද හරවත් සහෘද සංවාදයක් සිදුකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේය.
සාගර සිරිසූරියගේ ‘වියරු වසන්තය‘ නවකතාව ජනගත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන දේශණය කරමින් කළ අදහස් දැක්වීමේදී ඔහු මෙම අදහස් පළ කළේය.
මාතලේ ජීවත්වන රාජ්‍ය සේවකයකු වන සාගර සිරිසූරිය වසින් සිය පළමුවැනි නවකතාව ලෙස ලියූ ‘වියරු වසන්තය‘ ජනගත කිරීම ජූනි 26 වැනිදා මාතලේ හෝටල් පුහුණු ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.