Posted on 04.21.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද දින පිපිරීම් සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු නොකර නිගමනයක් ලබා දිය නොහැකි බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර එසේ වුවද ඇතැම් සිදුවීම්වලට මරාගෙන මැරෙන ප්‍රහාරකයන් සම්බන්ධ වූළුාදැයි සැක කරන බව පැවසීය.
අද කොළඹ සංචාරක හෝටල් තුනකට හා කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සීමන් යන දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර 8න් ඇතැම් අවස්ථා මරාගෙන මැරෙන ප්‍රහාර බවට ඒ අනුව සැක කිරීමට සාධක ඇතැයි පොලිසිය අනුමාන කරයි.
මෙහිදී කොච්චිකඩේ සහ මීගමුව දේවස්ථාන තුළ පිපිරීමෙන් පවසුව සොයාගත් මිනිස් හහිස් දෙකක් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකර ඇත.