Posted on 04.23.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බෝම්බ සිද්ධීන්වලට අදාළ පුද්ගලයින් 40 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
මේ අතරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ දෙමටගොඩ නිවාස සංකීරණයේ සිට අත්අඩංගුවට ගත් සහ දඹුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 26 දෙනෙකුද, ත්‍රස්ත විමර්ශන ඒකකය බාරයේ දෙහිවල පිපිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනෙකුද , වැල්ලවත්ත පොලීසිය බාරයේ බෝම්බ ප්‍රහාරකයන් එදින උදෑසන ගමන් ගත් වාහනයේ රියදුරු සහ බෝම්බකරුවන් නවාතැන් ගෙනසිටි පානදුර සාරිකාමුල්ල නිවසේ අයිතිකරු ඇතුළු දෙදෙනෙකු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබාගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඊට අමතරව වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවක සේවය කළ පුද්ගලයන් 9 දෙනෙකුද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.