Posted on 12.28.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොරෝනා රෝගයෙන් බියවී සිටින සියලු දෙනාගේ උවමනාව රෝගයෙන් ආරක්ෂාවීම බැවින් මිය යන සියලු කොරෝනා රෝගීන් අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට භික්ෂුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී ඇත.
කොරෝනා රෝගය නිසා මියයන පුද්ගලයන්ගේ සිරුරු ලෝකයේ රටවල් සිය ගණනකදී භූමදානය කෙරෙන අතර මෙරට නිරෝධායන රෙගුලාසි නියම කිරීමේදී අප්‍රේල් 11 වැනිදා තීරණය කරන ලද්දේ සෞඛ්‍ය බලධාරින් නොව, ආණ්ඩුව විසිනි.
කෙසේවුවත් මේ දක්වා කෝවිඩ් ආසාදතව මියගිය පුද්ගලයකුගෙන් ආසාදනය ව්‍යාප්ත වූ අවස්ථා වාරත් වී නැත.
පසුව ඉස්ලාම් භක්තිකයන්, ආගමික නායකයන් මෙන්ම ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන් හා සමාජ ක්‍රියාකාරින් පිරිසක් මේ සම්බන්ධ නැවත සළකා බලන ලෙස ඉල්ලා සිටියහ.
එහෙත් මාස 8ක කලායක් තිස්සේ ආණ්ඩුව සිය තීරණය වෙනස් කළේ නැත. ලෝකයේ රටවල් අතුරින් අනිවාර්යයෙන් ආදාහනය කරන රටවල් ඇත්තේ අතළොස්සකි.
මේ තත්වය තුළ සංස්කෘතික අයිතියක් ලෙස සලකා ආදාහනය අනිවාර්ය නොකොට අවසන් කටයුතු සිය ඇදහිලිවල ආකාරයට සිදුකරන්නට අවශ්‍ය බව ඉස්ලාම් භක්තිකයෝ ආන්ඩුවට ආයාචනා කළහ.
ඊයේ(27) බෞද්ධ භික්ෂුන් ඇතුළු ආගමික් නායකයන් නැවත වරක් මේ සම්බන්ධ ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි. ඒ හා සමගම මෙම භික්ෂු පිරිස අද දින මෙම විරෝධතාව දක්වා ඇත.
ලෝකයේ කිසිදු රටක වෛරසය ආසාදිතව මිය ගියවුන් ස්පර්ශ කිරීමට හෝ ආසන්නයට යාමට අවසර දෙන්නේ නැති නමුත් මුද්‍රා තැබූ මෘත දේහ අවමංගල්‍ය චාරිත්‍ර සඳහා අවසර දෙනු ලැබේ. නිසි ආරක්ෂන ක්‍රමවේදයන් යටතේ මලසිරුරු භූමදානය මාර්තු මස සිට සිදුවේ.
මේ ආකාරයට අන් මතයන් වෙනුවට සිය මතය පමණක් තහවුරු කිරීම නිසා ජාතික හා ආගමික සංහිඳියාව හානියට පත්වන බව නිරීක්ෂකයන්ගේ අදහස වේ.