Posted on 02.03.2022 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
වයඹදිග සිරියාවේ එක්සත් ජනපද හමුදා විසින් කළ වැටලීමකින් ISIS නායක අබු ඉබ්රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි මරා දැමූ බව එක්සත් ජනපද ජනාධිපති බිඩන් ප්‍රකාශ කරයි.
ඔහු පවසන්නේ ක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ පාලනය යටතේ ඇති එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකායන් විසින් වයඹදිග සිරියාවේ කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම සාර්ථක වූ බවයි.
එක්සත් ජනපද හමුදාවට කිසිදු හානියක් සිදු නොවූ බව පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
කෙසේවෙතත් මෙහෙයුම සඳහා භාවිතා කරන ලද එක් හෙලිකොප්ටරයක් යාන්ත්‍රික දෝෂයකට ලක් වීම නිසා පුපුරුවා හැරීමට සිදු වූ බව එක්සත් ජනපද නිල ආරංචිමාර්ග පවසයි.