தமிழ்
English
Contact
Wednesday 22nd December 2021    
දේශපාලන අරමුණු වෙනුවෙන් පාස්කු ප්‍රහාරයෙ මිනිස් ජීවිතවල වගකීම අත්හැරලා - සිරිල් ගාමිනි පියතුමා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලන අරමුණු වෙනුවෙන් පාස්කු ප්‍රහාරයෙ මිනිස් ජීවිතවල වගකීම අත්හැරලා – සිරිල් ගාමිනි පියතුමා



පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ මිනිස් සංහාරයක් ලෙස පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගසමින් ආණ්ඩුව සත්‍ය සැඟවීමේ උත්සාහයක නිරතවන්නේ යැයි සැකයක් මතුවන බවට ගරු සිරිල් ගාමිණී පියතුමා චෝදනා කරයි.

අද (21) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු සිරිල් ගාමිණී පියතුමා මෙසේද කියා සිටියේය.

“ඇත්ත හෙළිදරව් කරගන්න උත්සහ කරගන්නේ නැත්තේ ඇයි? ඒක වහන්න උත්සාහ කරන්නේ ඇයි ? මේවා විමර්ශනය නොකරන්නේ කවුරුන් ආරක්ෂා කරන්න ද? අපි හිතමු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වගකියන්න ඕන කියලා, බොහොම පැහැදිලි නිර්දේශයක් තිබෙනවා. ඔහුට විරුද්ධව අපරාධමය නඩුවක් පවරන්නට ඕනෙ කියලා. ඒක නිර්දේශයක්. පළමු නිර්දේශය ඒ කොමිෂන් සභාවේ. ඊට පස්සේ රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක් කියනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ කියලා. එතකොට ආණ්ඩුව සහ CIDඑක කරන්න ඕනේ මේක විමර්ශනය කරන එක. ඒ වගේම ආණ්ඩුව සහ නීතිපතිවරයා කරන්නට ඕනේ මේ ජනාධිපති කොමිෂන් සභාවේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන එක. ඉතින් ඒක කරන්නේ නැහැනේ. එතකොට අපිට හිතෙන්නේ මේවා මේ සම්බන්ධතා තියාගෙන ඉන්නවා කියලා.”