Posted on 11.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ව තුන්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
ඒ අනුව අද (22) උදෑසන 09.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි ඒ පියතුමන්ට දැනුම් දී ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් කළ ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් සිදුවූ බවට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී, මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව මීට පෙරත් දින දෙකකදී ඒ පියතුමන්ව කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.