සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති සිව්වන එක්දින තරඟයෙන් කඩුලු 06ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
පෝර්ට් එලිසෙබෙත් හි පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබාදුන්නේය. ලංකා ඉනිම පන්දුවාර 39යි පන්දු 02ක් අවසානයේ ලකුණු 189කට සීමා කිරිමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය.
ලංකා ඉනිමේ සාර්ථක වු එකම පිතිකරුවා වන ඉසුරු උදාන පන්දු 57ක් තුළ 06 පහර 04ක් සහ 04 පහර 07ක් සමගින් ලකුණු 78ක් ලබා ගත් අතර අවිෂ්ක ප්‍රනාන්දු ලකුණූ 29ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුණි. ජයග්‍රාහි ඉලක්කයට ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 32යි පන්දු05ක් අවසානයේ කඩුලු 04ක් පමණක් බිද වැටී ලකුණු 190ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය. දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් ක්වින්ටන් ඩී කුක් ලකුණු 51ක් සහ ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණූ 43ක් ලබා ගතතේය. පන්දු යැවිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා ලකුණු 41කට කඩුලු 03ක් බිද හෙළුවේය.