தமிழ்
English
Contact
Friday 3rd May 2019    
අන්තරේ කැදවුම්කරු ඇතුළු සිසු නායකයින් යලි රිමාන්ඩ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අන්තරේ කැදවුම්කරු ඇතුළු සිසු නායකයින් යලි රිමාන්ඩ්



පසුගිය ජුනි මස 21 වනදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විරෝධතාවයකදී පොදු දේපල වලට රුපියල් ලක්ෂ 9කට ආසන්න අලභාහානියක් සිදු කල බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු හිමි ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 5 දෙනා ලබන 04 වනදා  වන දා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(02) දින මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝග කරන ලදි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ සිසු ක්‍රියාකාරී ෆසිසාන් අහමඞ්, දිනේෂ් මධුරංග සහ දිමුත් ලක්ෂාන් යන අයයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ. විජේසේකර  මරදාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ක්‍රියාත්මක වේ.