Posted on 04.28.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බෙංගාල බොක්කේ ගිනිකොණදිග ප්‍රදේශයේ, ලංකාවට නැගෙනහිරින් පවතින සුළි කුණාටුවක් ඉදිරි පැය 12 තුළදි චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම තත්වය හේතුවෙන් ධිවර ප්‍රජාවට ධිවර කටයුතු වලින් ඉවත්ව සිටින ලෙස දන්වා තිබේ. මෙම කාලගුණ තත්වය නිසා බස්නාහිර , දකුණු ,සබරගමුව, වයඔ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එසේම දකුණු .වයඔ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මි 100ක පමණ තද වැසි ඇති විය හැකි බවට අනාවරකි පළ වේ.