Posted on 04.12.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාව දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා සූදානම් කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාව පළ කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ ලෝක බැංකුවේ දකුණූ ආසියා කලාපීය උප සභාපති හාට්විග් ෂෆර් අතර වොෂින්ටනයේදී අත්සන් කෙරුණු මෙම ගිවිසුම යටතේ මේ යටතේ පාරිසර හිතකාමී කෘෂිකාර්මික ක්‍රමවේදයන් හා තාක්ෂණයන් වැඩිදියුණු කිරීම, කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම, වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය ඇතුළු කටයුතු ඉටු කිරීමට නියමිතය.
කෙසේවෙතත් මෙවැනි ණය ගෙවීමට රටක් ලෙස ලංකාව ඔරොත්තු දෙන්නේද යන්න මෙවැනි ණය ගිවිසුම් අත්සන් කරණ පාලකයන් හෝ ලෝක බැංකු නියෝජිතයන් කිසිවක් පවසන්නේ නැත. දැනටමත් වාර්ෂිකව ඉසිලිය නොහැකි ණය බරකින් පෙළෙන ලංකාවෙ පුරවැසියන් දේශගුණ විපර්යාස සදහා ණයවීමේ වරදකාරිත්වය ඇත්තේද ඒවැනි දේශගුණ විකෘත්න් ඇති කරණ ලෝකයේ බලවත් රාජ්‍යයන් වෙතමය. ඔවුන් පාරිසරික සාධක නොතකා කටයුතු කරන අතර පීඩිත රටවල ජනයා තවදුරටත් පීඩාවට පත් කරති.