සේවය හැරගිය හමුදා සාමාජිකයන් යළි සේවයට බඳවා ගැනීම ගැන අවධානය -යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක

ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය යටතේ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 5900 දෙනෙකු යුද හමුදා සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අත්පත්තු පවසයි.

නොදන්වා සේවය හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සේවයට වාර්තා කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

සේවය හැර ගොස් සිටින යුද හමුදා සමාජිකයින් හට නීත්‍යානුකුළ අස්වීම් ලබා ගැනීම සඳහා පොදු සමා කාලයක් පසුගිය අප්‍රේල් 22වන දින සිට ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

අදාළ පොදු සමා කාලය ලබන 10 වන දින දක්වා ක්‍රියාත්මක බව බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේය.

සේවයට වාර්තා කර ඇති සාමාජීකයින් නීත්‍යානුකුලව අස්වීම් ලබා දීමට මෙන්ම මාස 06කට අඩු කාලයක් සේවයට වාර්තා කර නොසිටි යුධ හමුදා සාමාජිකයන්ට යළි සේවය පිහිටුවීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

Sithara Sajeewani :