සෞදි ඉතිහාසය වෙනස් කළ රූපවාහිනී ප්‍රවෘත්තිය !
Posted on 09.22.2018 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
සවුදි අරාබි ඉතිහාසයේ පළමු වරට එරට රාජ්‍ය රූපවාහිනිය වන “අල් සවුදියා” රූපවාහිනී සේවයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය සදහා නිවේදිකාවක් සහභාගී විය.
මීට පෙර රූපවාහිනී වැඩසටහන් සඳහා පිරිමින් පමණක් සහභාගී වීමේ සම්ප්‍රදාය වෙනස් කරමින් වීආම් අල් දකීල් (Weam Al Dakheel) නම් නිවෙදිකාව තවත් නිවේදකයෙකු හා එක්ව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 9.30 ප්‍රවෘත්ති විකාශනය ඉදිරිපත් කරනු දක්නට ලැබිණි.
එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ස්ත්‍රීන් සඳහා සමාජ සම අවස්ථා සම්පාදනය කිරීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කර තිබෙන අතර 2030 වනවිට ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ රාශියක් තිබේ. ඔහුගේ මැදිහත්වීම මත මීට මාස දෙකකට පෙර ස්ත්‍රීන්ට රියදුරු බලපත්‍ර ලබාදීම සහ රාජ්‍ය සේවයේ රැකියා වල අවස්ථා ලබා දීමද සිදු කෙරිණි. ස්ත්‍රීන්ට ගුවන් නියමුවරියන් ලෙස පුහුණු වීමේ අවස්ථාවද පසුගියදා ලබා දෙන ලදී.
සවුදි අරාබිය ආගමික රාජ්‍යයක් වන අතරම මැදපෙරදිග කලාපය තුළ ඇමෙරිකානු හිතවාදී රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වේ.