හම්බබන්තොටදී විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට පහරදීමට උත්සාහයක්!

අත්තනෝමතික ලෙස ස්ථාන මරු කරමින් දේශපාලන පළිගැනීම් සිදු වන බවට හම්බන්තොට මහලේවායේ ලංකා ලුණු සමාගමේ සේවකයන් පිරිසක් ඊය්(23) දියත් කළ විරෝධතාවක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට පිරිසක් තර්ජනය කර ඇත.
පොදුජන පෙරමුණට අනුබද්ද සේවකයන් පිරිසක් විසින් පවත්වා ඇති මෙම විරෝධතාවයට එරෙහි වූ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් මාධ්‍යවේදියාට පහර දීමට තැත් කර ඇත. තමන්ට තර්ජනය කරමින් පහර දීමට උත්සාහ ගත් බවත්, විරෝධතාකරුවන් මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසියේ සීඅයිබී(1) 392/228 අංකයෙන් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මාධ්‍යවේදියා සිදුකළ පැමිණිල්ලේ සටහන් කර තිබේ.

Chandana Sirimalwatte :