හමුදා නිල ඇඳුම්වලන් සැරසී ප්‍රහාරයක් එල්ල කිරීමේ සැළසුමක් පිළිබඳ හෙළිදරව්වක්

පාස්කු ඉරිදා දින ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන් හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරසී පැමිණ තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් තිබූ බවට ලංකාවේ ආරක්ෂක අංශවලට අනතුරු අඟවා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි. මෙම ප්‍රහාරය පසුගිය ඉරිදා හෝ සඳුදා ස්ථාන පහක් ඉලක්ක කරගෙන දියත් කිරීමට සුදානම්ව තිබූ බව එම පුවත් සේවය ප්‍රභූ ආරක්ෂක ප්‍රධානියෙකු යොමුකළ ලිපියක් පදනම් කරගනිමින් සඳහන් කර ඇත.

එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන ආකාරයට යුධ හමුදා නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම්වලින් සැරසී වෑන් රථයකින් පැමිණ ප්‍රහාරය සිදුකිරීමට සැලසුම් කෙරී තිබුණි. කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ විපක්ෂ කණ්ඩායම් මෙවැනි ප්‍රහාරයක් පිළිබද දැනසිටි බව තහවුරු කර ඇතැයි රොයිටර් පුවත් සේවය දක්වා ඇත. නමුත් ඉරිදා හෝ ඊයේ සඳුදා දින එවැනි ප්‍රහාරයක් එල්ල නොවුණි.

මේ අතර පාදුක්ක පිටිවල පාරේ කාමරයක නැවතී සිට පුද්ගලයෙකු හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල, සිරියාන මුදල් හා තවත් භාණ්ඩ රාශියක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

පාස්කු දින සිදුවූ පිපිරීම් වලට ආදාලව සැකකරුවන් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත‍්‍රස්තාවාදී විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර තිබේ.

Sithara Sajeewani :