හමුදා සාමාජිකයන් සහ දමිළ දේශපාලන සිරකරුවන් සමාන නොවන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් පවසා තිබේ.
ඔහු පවසන්නේ මිලිටරි සාමාජිකයන් විසින් සිදුකරන ලද අනාවරණය නොවූ භීෂණ ක්‍රියා දමිළ දේශපාලන සිරකරුවන් සමඟ සමාන කළ නොහැකි බවයි.
පසුගියදා පාඨලී චම්පික ඇමතිවරයා විසින් යුද්ධය ආශ්‍රිත විවිධ වැරදි සඳහා සම්බන්ධ හමුදා සාමාජිකයන්ට සහ එල්ටීටී සාමාජිකයන් සමාව දිය යුතු බවට සිදුකරන ලද ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
එසේම සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන ආකාරයට දමිළ දේශපාලන සිරකරුවන් දැනට විශාල කාලයක් රඳවා තබාගෙන සිට ඇති අතර ඔවුන්ගේ නඩු අවසන් කිරීමකින් තොරව දිගින් දිගටම කල් දමමින් පවතියි. මන්ත්‍රීවරයා පවසන්නේ දේශපාලන සිරකරුවන් විසින් කරන ලද පාපොච්චාරණයට අනුව සිරගත කිරීම් සිදුකර ඇති බවයි.
සමාව ලබාදීම පිළිබද සිතීමට පෙර අපරාධ පිලිබඳ අනාවරණය කරගැනීම සඳහා සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ඇති කළ යුතු බව සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.