Posted on 09.14.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
හලාවත අඹකදවිල සංචාරක හෝටලයක පවත්වා ගෙන යන කොරෝනා රෝග නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට රඳවා සිටි පුද්ගලයකු අද (14) අලුයම එම මධ්‍යස්ථානයෙන් පළා ගොස් ඇති බව හලාවත පොලිසිය පවසයි.
ඩුබායි සිටි මෙරටට පැමිණි විදේශ රැකියාවල නිරතවූවන් පිරිසක් අතර සිටි මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගැනීමෙන් පසු අඹකදවිල කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයේ රඳවා තැබීමට සෞඛ්‍ය අංශය පියවර ගෙන තිබිණි.
පළා ගිය ආසාදිතයා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි වියේ පසුවන්නෙකු බව වාර්තා වේ.
ඊයේ දිනයේ වව්නියාව පම්පමඩුව යුධ හමුදා නිරෝධනය මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු එම මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබුණි . පසුව ඔහුව මන්නාරම දුම්රිය ස්ථානය අසලදී සොයාගැනීම හේතුවෙන් මන්නාරම දුම්රිය ස්ථානය සහ දුම්රිය සේවකයින් නිරෝධායනයට ලක් කෙරණි.