தமிழ்
English
Contact
Sunday 5th May 2019    
'හෙට අරගලයට සිසු ජනබලයක්' වෙනුවෙන් ප්‍රතිඥා දෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘හෙට අරගලයට සිසු ජනබලයක්’ වෙනුවෙන් ප්‍රතිඥා දෙති!



“අධ්‍යාපනය – සෞඛ්‍ය විකුණන, ජනතා අයිතීන් කප්පාදු කරන, පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී  නව ලිබරල් ප්‍රතිපත්තියට එරෙහිව හෙට අරගලයට සිසු ජන බලයක්“ යන තේමාවෙන් යුතු සිසු ජන පෙළපාළිය සහ රැලිය අද(12) කොළඹ කොටුවේදී පැවැත්විණි.

මෙම විරෝධතාව ආණ්ඩුවේ අධ්‍යාපන කප්පාදුට හා නවලිබරල්වාදී පිළිවෙතට එරෙහිව ජනතා අරගලයට දායකවීමක් බවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. ඒ අරගල ජයග්‍රහණය කරා ගෙනයන බවට රැලියේදී සහභාගි වූ ශිෂ්‍ය නියෝජිතයන්, වෘත්තිය සමිති නායකයන් හා රැලියට සහභාගි වු ජනයා ප්‍රතිඥාවක්ද දෙන ලදී.

සයිටම් අර්බුදය ජයගත්සේම,  ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස සිදු කරන ලද අරගලයේ තවත් ජයග්‍රහණයක් ලෙස වයඹ වෛද්‍ය පීඨයට සිසුන් බදවා ගැනීම ආරම්භ කළ බවත් පෙන්වා දෙන ඔවුන් ඔවුන්ට ඇති ඉදිරි ගැටළුවලට විසදුම් ලබාගැනීමට නම් ජනතාව සමග වීදියේ අරගලයක් සිදු කළයුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මහීල් බණ්ඩාර දෙහීදෙණිය මෙම රැලිය අමතා පැවසීය. ඔහු එහිදී කියා සිටියේ අද (12) ‘හෙට අරගලයට සිසු ජනබලයක්’ යන මැයෙන් ආරම්භ කළ විරෝධතාව ජනතාවගේ පුලුල් සහභාගිත්වයෙන් ඉල්ලීම් දිනගැනීම දක්වා ඉදිරියට ගෙනයන බවයි.