1971 අප්‍රේල් අරගලයේදී දිවිපිදූවන් සිහිපත් කිරීම වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කෙරුණු විරු සැමරුමක් පසුගිය 6 වැනි සෙනසුරාදා ලන්ඩනයේදී පැවැත්විනි.
අප්‍රේල් අරගලයට වසර 48 ක් පිරීම නිමිත්තෙන් “ශ්‍රේෂ්ඨ පරාජයක් – නොමියෙන අරමුණක්” මැයෙන් එක්සත් රාජ ධානී කමිටුව විසින් සංවිධානය කරණ ලද මෙම විරු සැමරුම ලන්ඩනයේ හැරෝහි කෙන්ටන් බාලදක්ෂ ශාලාවේදී පැවත්වුනු අතර පක්ෂයේ සාමාජික පිරිස් හා දේශපාලන හිතවතුන් බොහෝ පිරිසක් සමග බ්‍රිතාන්‍ය සමාජවාදී පක්ෂයේ සාමාජික සාමාජිකාවන්ද සහභාගී වූහ.