2018 ආසියානු ශූරතා නෙට්බෝල් කුසලානය ලංකාවට!

සිංගප්පූරුව සමග 2018 ආසියානු ශූරතා නෙට්බෝල් කුසලාන අවසන් වටය උණුසුම් තරගයකින් පසුව තුළ 69-50 වශයෙන් ජයග්‍රහණය ලංකාවට හිමි විය.

මීට සුලු වෙලාවකට පෙර අවසන් වූ තරගයේදී මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකරගන්නට ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී සමස්ත තරගාවලියේ සියලුම තරග ජයගත් අපරාජිත කණ්ඩායම ලෙස ලංකාවේ ක්‍රීඩිකාවෝ ඓතිහාසික වාර්තාවක් පිහිටුවා ඇත.

මෙම ජයග්‍රහණයත් සමග ලංකාවේ සහ සිංගප්පූරු කණ්ඩායම් 2019 වසරේ බ්‍රිතාන්‍ය ලිවර්පූල්හි පැවැත්වෙන නෙට්බෝල් ලෝක ශූරතාවට සුදුසුකම් ලබා සිටිති.

තරගාවලියේ ලකුණු සදහා මෙම සබදතාවයට යන්න.

Asian-Netball-Championships-2018

තරගාවලියේ අවස්ථා කිහිපයක්

Chandana Sirimalwatte :