අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස කොඒෂීයානු නායක ලුකා මොඩ්රිච්ව නම් කළ අතර ක්‍රීිඩිකාව ලෙස මාර්ටා නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ ලන්ඩන් නගරයේ රෝයල් උත්සව ශාලාවේ පැවැති සම්මාන ප්‍රධානය කිරීමේ උළෙළ පැවැත්විනි.
බොහෝ දෙනා අතර රොනාල්ඩෝ හා ලයනල් මේසී අතර වසර ගණනාවක සිට පවතින පාපාන්දු තරු අතර සටනින් කිසිවකු බලාරොත්තු නොතැඹුවකු ලෙස ලුකාගේ පැමිණීම හැදින්වේ.
ලුකා මොඩ්රිච් මෙවර පාපන්දු ක්‍රීඩකයා ලෙස තෝරා ගැනීමට හේතු ලෙස සලකන්නේ ඔහුගේ නායකත්වයෙන් කොඒෂියානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ගෙන ඒමේදී ඔහුගේ විශීෂ්ඨ නායකත්ව කාර්යය භාරයයි.
අනෙක් අතින් ඔහු චැම්පියන් කුසලාන ශූරතාවය දිනාගැනීමේ හා රියල් මැඩ්රීඩ් කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයකු ලෙස පසුගිය වසර පුරා දක්වන ලද දස්කම් ඔහුගේ සාර්ථකත්වය හේතුවෙනි.
මාර්ටා බ්‍රසීල පාපන්දු කණඩායමේ නායිකාව වශයෙන් වසර කිහිපයක සිට ක්‍රීඩා කරන අතර 2017 වසරේ සිට එ.ජනපදයේ ඔර්ලන්ඩෝ ප්‍රයිඩ් පාපන්දු සංගමයට ක්‍රීඩාකරමින් සිටින්නීය.
ලෝක කුසලාන කාන්තා පාපාන්දු ක්‍රීඩාවේ වසර ගණනාවක සිට නිරතවන ඇය මේ වන විට 32 දෙහැවිරිදි වියේ පසුවන්නීය. වසර ගණනාවක් කටයුතු කරන අතර ඇය පසුගිය වසර ගණනාවක සිටි වසරේ පාපාන්දු ක්‍රීඩිකාව ලෙස තේරිනි.
ඇය ලෝක කුසලාන පාපාන්දු අවසන් තරගවලදී මේ වන විට ගෝල 15 ලබා ගැනීඹට සමත්ව ඇත.
බ්‍රසීල පාපාන්දු ක්‍රීඩිකාව ලෙස ඇය කිරුළ හයවරක් දරා ඇති අතර 2010 වසරින් පසුව මෙවර නැවතත් වසරේ හොදම පාපාන්දු ක්‍රීඩිකාව ලෙස නම් කෙරිනි.