Posted on 03.16.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ලොවපුරා ප්‍රධාන නගර ගණනාවකදී පාසැල් සිසුන් ඊයේ (15) පාසැල් වලින් පිටතට පැමිණ දේශගුණික විපර්යාසයන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට පාලකයන් අපොහොසත් වීම සම්බන්ධයෙන් විරෝධතා දැක්වූහ.
මෙම විරෝධතා, නවසිලන්තයේ වෙලින්ටන්, ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් සහ සිඩ්නි, ඉතාලියේ රෝමය, ඔස්ට්‍රියාවේ වියනා, පෘතුගාලයේ ලිස්බන්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන්, ඩෙන්මාර්කයේ කෝපන්හේගන්, ජපානයේ, ස්වීඩනයේ මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ නගර රාශියකදී සිදු විය. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉන් හානි වන්නේ වයෝවෘද්ධ දේශපාලකයන්ට නොව තමන් නියෝජනය කරන ලෝකවාසී අනාගත පරපුරට බව ඔවුහු අවධාරණය කරති.
විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ ශිෂ්‍ය විරෝධතා පෙළපාලියක් ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර්හි පාර්ලිමේන්තු චතුරස්‍රයේ සිට ට්‍රැෆල්ගා චතුරස්‍රය දක්වා ගමන් කළ අතර එහිදී ඔවුන් අත වූ විරෝධතා පුවරුවල මෙසේ සටහන් ව තිබිණි.
“අප පාඩම් අතපසුකර ගන්නේ ඔබට පාඩමක් උගන්වන්නයි”
“අනාගතය අප දෑත් මත රැඳී පවතී”