Posted on 03.14.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව විරෝදතාවක් සංවිධානය කිරීමෙන් පසුව ඊයේ(13) අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙනිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද(14) කොළඹ අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට එරෙහිව කලහකාරි හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් චෝදනා ගොනුකර තිබිණි. ඒ අනුව අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ලබන 18 තවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.