Posted on 07.26.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මන්නාරමේ අත්හැර දමන ලද සතොස ගොඩනැඟිල්ල අසළ, හමුවු සමූහ මිනී වලෙන් මේ වනවිට මිනිස් සිරුරු 53 කට අයත්වන බව අනුමාන කල හැකි අස්ථි කොටස් ඊයේ(25 වන විට හමුවි ඇති බව අනාවරණය වේ.
එම කැණීම් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ පවසන ආකාරයට සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 53 කට අදාළ අස්ථි කොටස් ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇත. එසේ කැනීම් මඟින් ඉවත් කළ සිරුරු කොටස් මුද්‍ර තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇත. මන්නාරම අධිකරණයේ නියෝග යටතේ දැනට දින 40 ක් අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වා තිබේ.
පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා සම්බන්ද මහාචාර්ය රාජ් සෝමදේව පවසන්නේ මෙම මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.