ජාතිවාදය මර්දනයට හදිසි නීතිය යටතේ 81 ක් අත්අඩංගුවට ගනී!

සමාජ ජාලා හරහා ජාතිවාදය වපුරුවමින් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 10 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නේ විදානපතිරණගේ අජිත් ජීවන් වීරසිංහ නමැත්තා සහ සුරේන්ද්‍ර සුරවීර ඇතුළු සැකකරුවන් 10 දෙනෙකි.
අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කියා සිටියේ මැර ක්‍රියාවල යෙදුනු බවට චෝදනා කරමින් සැකකරුවන් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පසුගියදා දහවල් අත්අඩංගුවට ගත් 24 දෙනාද ඇඳිරි නීතිය කඩ කළ 4 ක්ද වෙති. ජාතිවාදය ව්‍යාප්තවීම‍ෙන් මේ වන විටනිවාස ව්‍යාපාර ස්ථාන සහ දේපල හානිවීම් 45 ක් වාර්තා වී ඇති බවත් සහ පූජනීය ස්ථාන 4 කට හානි සිදුව ඇතැයිද රුවන් ගුණසේකර පැවසීය.
මේ අතර ඊයේ කටුගස්තොට පූජාපිටියේදී සිදුවූ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් එක් අයකු මිය‍ගොස්, 11 දෙනෙකු තුවාල ලබා ඇතැයිද, වාර්තා විය. මේ අතර තෙල්දෙනිය ප්‍රදේශයේදී පහරදී මරාදැමීමේ සිදුවීමෙන් පසුව ප්‍රචණ්ඩ ක්‍රියා වලින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයිද ඒ දෙදෙනා කෙංගල්ලේ සහ පූජාපිටියේ අය බවද පොලිසිය පවසයි.

Chandana Sirimalwatte :