Posted on 10.25.2021 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ගෞතම් අදානි අද(25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිත විය.
‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇති ආකාරයට, පෞද්ගලික සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමෙන් අනතුරුව ගෞතම් අදානි කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිත විය.
ඇමරිකානු ඩොලර් මිලියන 700ක ආයෝජනයක් සහිත කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා පසුගිය සැප්තැම්බර් 30 වැනි දා අත්සන් තැබුණු අතර, එහි 51%ක කොටස් හිමිකාරීත්වයක් පවතින්නේ ඉන්දියාවේ අදානි සමාගමටය.