தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
2017 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

2017 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ !



2017 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට විදුහල්පතිවරුන් වෙත සහ අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

පසුගිය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් මස 02 දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230කදි පැවැති අ.පො.ස උ.පෙළ විභාගයට අපේක්ෂකයෝ 315,227ක් පෙනී සිටියහ. ඒ අතුරින් පාසල් විභාග අපේක්ෂකයන් 2,37,943 ක්ද පෞද්ගලික අයදුම්කරුවෝ 77,284 ක් ද වූහ. මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 163,104 සුදුසුකම් ලබා තිබේ.

එම ප‍්‍රතිපඵලවලට අනුව ජීව විද්‍යා  විෂය ධාරාව සදහා දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගැනීමට මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර සමත් වූවාය. වෙන්නප්පුව ජෝසප් වාස් මධ්‍ය මහා විද්‍යාලයේ හසිත ගීත් ගුණසිංහ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉෂාන් ශාලුක රාමනායක පිළිවෙලින් දෙවැනි හැ තුන්වැනි ස්ථාන හිමිකරගෙන ඇත.

භෞතික විද්‍යා විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය යාපනය හාර්ඩ්ලි විද්‍යාලයේ ශ‍්‍රීධරන් දුවාරකන්ට හිමිව ඇත. දෙවන හා තුන්වන ස්ථාන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පමුදිත හිමාන් සෝමරත්නට හා යාපනය සාන්ත පැට‍්‍රික් විද්‍යාලයේ ජෙයරාජන් පෝල් ජාන්සන්ට හිමිව තිබේ.

වාණිජ විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකතරගෙන ඇතතේ මාතර සුජාතා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාව විසින් හිමිකරගෙන ඇති අතර එම විෂය ධාරාවේ දෙවන හා තුන්වන ස්ථාන කොළඹ මියුසියස් විද්‍යාලයේ කෞෂල්‍යා  සුභාෂිනී දාබරේ සහ කොළඹ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ෆාතිමා අකීලා ඉස්වර් හිමිකරගෙන තිබේ.

කලා විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානයේ ලකුණු ලබාගන්නට රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි සමත්ව ඇත. දෙවන හා තුන්වන ස්ථාන කොළඹ සී.එම්.එස් බාලිකා විද්‍යාලයේ සහේලි ආචනා වික‍්‍රමනායක සහ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ දිල්කි සදූපමා ශිෂ්‍යාව හිමිකරගෙන තිබේ.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප‍්‍රසාදි රන්සිරිනි ශිෂ්‍යාවයි. එම විෂය ධාරාවේ දෙවන හා තුන්වන ස්ථාන කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍යමහා විද්‍යාලයේ ප‍්‍රගති ඉෂාන් මධුෂංක සහ නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ පසිදු ලක්ෂාන් හිමිකරගෙන තිබේ.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග හිමිකරගෙන ඇති අතර දෙවන ස්ථානය දෙබරවැව මධ්‍යමහා විද්‍යාලයේ රමේෂා ශ‍්‍රීමාලි ශිෂ්‍යාවටසහ තෙවන ස්ථානය යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ කමලේෂ්වරී සෙන්දිල්නාදන් ශිෂ්‍යාවට හිමිවී ඇත.

පොදු විෂය ධාරාවෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය ලබාගත්තේ කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග ශිෂ්‍යාව වන අතර  දෙවන හා තුන්වන ස්ථාන පිළිවෙලින් කොළඹ රාජකීය විද්‍යාලයේ ශවීන් භාෂිත තිලකරත්න සහ කඳාන ද මැසනඩ් විද්‍යාලයේ බ‍්‍රැන්ඩන් ඇන්ටනී බයිනස් විසින් හිමිකරගෙන ඇති බව විභාග දෙපාර්තම්න්තුව සඳහන් කරයි.

2017 උසස්පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල විභාග අක්‍රමිකතා සහ විවිධ වැරදි නිසා අත්හිටවීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත  පැවසීය.