අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු 13ක් රිමාන්ඩ්

Hands in Handcuffs

අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ ඊයේ (23) නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඒවායේ ප්‍රගතිය දැක්වෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පරීක්ෂකවරයාට තවදුරටත් නියම කර තිබේ.

Sithara Sajeewani :