විවිධ හේතු දක්වමින් ප්‍රමාද කළ තම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙක් අද (20) උපවාසයක් අාරම්භ කළහ.
මේවන විට අනුරාධපුර බන්ධනාගාරයේ උතුෙර් සන්නද්ධ අරගලයට සම්බන්ධවූ බවට සැකකරන රැඳවියන් 20 දෙනකු පමණ සිරගතකර සිටිති. ඔවුන්ට විරුද්ධව වවුනියාව අධිකරණයේ නඩු පවරා ඇති අතර එම නඩු කටයුතු වසර ගණනාවක් අැදෙමින් තිබෙන නිසා තමන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ඔවුහු මෙසේ උපවාස කරති.