අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් සේවකයන්ට පොලිසියේදි පහරදීලා!

පසුගියදා කොලොන්නාව තෙල් සංකීර්නයේ වැඩවර්ජනයේ යෙදී සිටියදී අත් අඩංගුවට පත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල, ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර ඇතුළු ඛනිජ තෙල් සේවකයන් 16 දෙනෙකුට වැලිකඩ පොලීසිය තුළදී පහරදීමක් සිදුකර ඇත. සේවකයන්ට එරෙහිව විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව යොදා සිදුකළ මර්දනය අතරතුර වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ඔවුන්ට  දරුණු පෙස පහරදුන් බව වීඩියෝ සාක්ෂ්‍ය වාර්තා ලැබෙමින් තිබේ.

සේවකයන්ට එරෙහිව විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව යොදා සිදුකළ මර්දනය අතරතුර වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ඔවුන්ට  දරුණු පෙස පහරදුන් බව වීඩියෝ සාක්ෂ්‍ය වාර්තා ලැබෙමින් තිබේ. මේ අතර ලංකා ඛනිජ පොදු සේවකයන්ට පොලීසියේදී සිදු කළ අමාණුෂික පහරදීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුනා  පවසයි. මේ අතර සේවකයන්ට මැරයන් යොදා පහරදුන් බවත් පොලිසිය ඊට එරෙහිව කිසිවක් නොකල බවත් සේවකයෝ චෝදනා කරති.

Save

Save

Save

Save

Chandana Sirimalwatte :