ආණ්ඩුව විසින් බේකරි හිමියන්ට සහන ලබා නොදෙන්නේ නම් පාන් ගෙඩියක මිල රු.10කින් ඉහළ නැංවීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඊයේ(15) රාත්‍රි සිට පාන් හැර සියලු බේකරි නිෂ්පාදන මිල රු 5කින් ඉහළ නැංවීමට තීරණය කළ බව පවසන බේකරි හිමියන්ගෙ සංගමය , පාරිභෝගික ජනතාව ගැන කල්පනා කර පාන් මිල ඉහළ නැංවීමක් නොකිරීමට තීරණය කළ බව පවසයි. කෙසේවෙතත් ආණ්ඩුව විසින් බේකරි හිමියන්ට සහන ලබා නොදෙන්නේ නම් නොවැලැක්විය හැකි ලෙස පාන් මිල රු.10කින් ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන ගම්පහ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.