පසුගිය දා පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හමුවේ සම්මත කිරීමේ ක්‍රමවේදය ගැටළු සහගත කරුනු රාශියක් මත අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති යූ.ආර්.ද සිල්වා පවසයි.
ඒ හේතුවෙන් එම පනතේ නෛතිකභාවය පිළිගැනීමට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත විරෝධය පළ කරන්නට බලාපොරොත්තු වන බවත් නීතීඥ සංගමයේ සභාපතිවරයා අද(25) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඔහු පවසන ආකාරයට ව්‍යවස්ථාදායකය, විධායක හා අධිකරණය ක්‍රියාකළ යුතු වන්නේ ස්වාධීනව කටයුතු කරන ආයතන තුනක් වශයෙනි. පාර්ලිමේන්තුවේදී එනම් වයවස්ථාදායකයේදී යම් පනතක් සම්මත කර ගැනීමේ දී මේ දක්වා ලංකාව තුළ අනුගමනය කළ යුතු ක්‍රිමවේදයක් තිබූ බවත් එය මෙම පලාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කිරීමේදී උල්ලංඝනය වී ඇති බවත් නීතිඥ යු.ආර්.ද සිල්වා වැඩිදුරටත් අවධාරනය කරයි. ආණඩුව විසින් විධිමත් ක්‍රමය අනුගමනය නොකිරීම නිසා නීතියේ ආධිපත්‍යයට යම් බලපෑමක් එල්ල වී ඇති බව පැහැදිලිව පෙනී යන බව ඔහු පෙන්වා දුන්නේය. මෙම අදහස් පළ කරන්නේ ජනතාව වෙනුවෙන් නීතිඥ සංගමයට ඇති වගකීමක් ලෙස සළකා මිස කිසිවෙකුගේ දේශපාලන න්‍යාය පත්‍රයකට නොවන බවද ඔහු කීය. නීතිඥ සංගමය විසින් මේ සම්බන්ධයෙන් කල යුතු සියල්ල ඉදිරියේ දී ඉටු කරන බවත් ඒ සදහා පළමුව ආණ්ඩුවේ ප්‍රධානින් හමු වී තමන්ගේ නිරීක්ෂනය ඉදිරිපත් කරන බවයි. ඉදිරියේදී ඕනෑම විටක මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඒ හරහා මෙම තත්වය නිවැරදි කිරිමට උත්සාහ දරණ බව ඔහු කියා සිටියේය.