සියවස් ගණන් රාජකීය පාලනයෙන් හා රදළ-පූජක ආධිපත්‍යයෙන් පරිපීඩිත ප්‍රංශ ජනතාව සංවිධානය වී බැස්ටීල් බලකොටුවට පහරදුන් දිනය එනම්, “බැස්ටීල් දිනය” ජූලි 14 යි!
1789 ජූලි 14 වැනිදා පැරිසියේ ජනතාව බැස්ටීලයට පහරදීම ප්‍රංශ විප්ලවයේ ආරම්භය ලෙස සැලකේ. පළමුවෙන්ම Hôtel des Invalides මිලිටරි රෝහල ආශ්‍රිත අවි ගබඩාවෙන් ගිනිඅවි පැහැරගත් ඔවුහු, වෙඩි බෙහෙත් ලබාගැනීමට බැස්ටීලය වෙත කඩාවැදුණාහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සන්නද්ධ ප්‍රහාරයකින් තමන් පෙළන පාලනය පරාජය කර තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමය.
ප්‍රංශයේ 16වැනි ලුවී රජු සහ මාරි ඇන්ටොයින් බිසවගේ දුර්දාන්ත පාලනය පෙරළා දමන්නට එරට වැසියන් පෙළ ගැසුණේ අසාධාරණ ලෙස බදු වැඩිකිරිමට ගත් තීරණයක් මුල් කරගෙනයි. එසේ නැගී සිටි ජනතාව ප්‍රංශයේ වැඩවසම් පාලනය සහමුලින් පෙරලා දමමින් ප්‍රංශ ධනපති විප්ලවයේ සටන්කාමිත්වය සදහා උපයෝගී කරගත්තේ එරට ආර්ථික බලය අත්පත් කරගෙන සිටි ධනපති වෙළෙද පැළැන්තියයි. පීඩිතයන්ට පාන් ගන්නවත් ආර්ථික හැකියාවක් නැති තැන පැරීසියේ කාන්තාවන් පෙළපාලියකින් ලුවී රජුගේ මාලිගයට ගිය විට බිසව මාරි ඇන්ටොයින් ‘පාන් නැත්නම් කේක් කාපල්ලා!’ යනුවෙන් කී බවට ඉතිහාස වාර්තා ඇත.
ලුවී රජ පෙළපත ප්‍රමුඛ වංශවතුන්ගේ අධි සුඛෝපබෝගී ජිවිත නඩත්තු කිරීමට අමතරව ප්‍රංශයේ කතෝලික පල්ලිය නඩත්තු කිරිමටත් තමන් දවස පුරා මැරි මැරී වෙහෙස වී නිපදවන දෑ කැප කරන්නට පීඩිතයන්ට සිදු විය. අමෙරිකානු ධනපතියන් විසින් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව කොලනිවල ජනයා සංවිධානය කරමින් අමෙරිකන් විප්ලවය සංග්‍රාමයක් බවට පත් වූ අවස්ථාවේ ප්‍රංශය සේනා සපයමින් සහාය දුන් අතර ඒ වෙනුවෙන් විශාල වැයක් ප්‍රංශයේ රජුගේ භාණ්ඩාගාරයට වැය කරන්නට සිදු විය.
මෙම ආර්ථික අර්බුදයට විසදුම් ලෙස බදු වැඩිකිරීමක් කරන ලෙස වංශවතුන් කළ යෝජනාවට එකගවීම හැර විකල්පයක් 16වැනි ලුවීට නොතිබිණි. වසර 150කින් කැදවා නොතිබුණ රාජ්‍ය නියෝජිත සභාවක් කැදවා සිය තීරණය ඔවුන් ලවා ජනතාව මත පටවන්නට ලුවී රජුට අවශ්‍ය විය. එහෙත් එය ප්‍රංශ වැඩවසම් ආඥාදායකත්වයට පාරාවලල්ලක් වන බව තීරණය කරද්දී රජු අනුමාන කළේ නැත.
ජින් ජැක් රූසෝ, මැක්ස්මිලියන් රොබ්ස්පියර්, ජෝජස් ඩැන්ටන්, ෂෝන් පෝල් මරා, චාලට් කොර්දේ, ලෆායට් වැනි චරිත ප්‍රංශ දේශපාලනයේ කරළියට ගෙන එන්නේ එහිදී ඇතිවන බිහිසුණු දේශපාලන ක්‍රියාදාමයයි. එසේම මිනිස් ඉතිහාසයේ කෘර මිනිස් සංහාරයක් වෙනුවෙන් ජෝසප් ගිලටින් විසින් ‘ගිලටීනය’ ප්‍රංශ විප්ලවයේදීය.
(ප්‍රංශ විප්ලවය පිළිබද Robert Enrico, සහ Richard T. Heffron අධ්‍යක්ෂනය කළ La Révolution française සවිස්තරාත්මක වාර්තාමය චිත්‍රපටය නැරඹීම එම විප්ලවය පිළිබද දේශපාලන කියැවීමකට පහසුවකි. කොටස් දෙකකින් යුතු සහ මිනිත්තු 300ක් දිවෙන මෙම දීර්ඝ සිනමා නිර්මාණය නැරඹීමේදී සිංහල බසින් උපසිරැසි ලබා ගත හැකිය. උනන්දුවක් ඇති සහෘදයන් අපගේ lankaviews@gmail.com ඊමේල් ලිපිනයට දැනුම් දෙන්න.)
https://www.imdb.com/title/tt0098238/
ආරක්ෂක භටයන් පෙරටු කරගත් පැරිසියේ වැසියන්, බැස්ටිල් බලකොටුවට කඩා වැදීම, 1789 ජූලි 14 වැනිි දා සිදු විය. ප්‍රංශ විප්ලවයේ ආරම්භය සලකුණු කළ ඒම සිදුවීම චිත්‍ර ශිල්පියකුගේ ඇසින් (Photo by Hulton Archive/Getty Images)