බම්බලපිටිය මහල් නිවාස ව්‍යාපාරයට වාසි පිණිස චම්පිකගෙන් ගැසට් නිවේදනයක් !

කොළඹ, නගරයේ බම්බලපිටිය ප්‍රදේශය‍ේ පිහිටි ලෙයාර්ඩ් පාරේ මහල් 14ක සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක ඉදිකිරීම් නීති විරෝධී තත්වයක තිබියදී නීති වෙනස්කර සැලැස්ම අනුමත කිරීමට
හැකිවන ආකාරයට චම්පික රණවක ඇමතිවරයා ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව වාර්තා වේ.
ලෙයාර්ඩ් පාරේ ඉදිකිරීම් සදහා අනුමත කර ඇත්තේ මහල් 5කට නොවැඩි මට්ටමකිනි. එහෙත් ව්‍යාපාරික මට්ටමෙන් සුපිරි මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට Blue Ocean Breeze නමැති සමාගමට මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලැස්ම ඉදිරිපත් කෙරුණේ මහල් 14කිනි. ඒ තත්වය දැනගෙන ප්‍රදේශවාසින් නාගරික බලධාරින්ට දැනුම් දී නඩු මගට ගියහ. ඒ අනුව අදාළ ඉදිකිරීම් සමාගමට අධිකරණයෙන් නියෝග ලැබෙන්නේ මහල් 5කට වැඩියෙන් ඉදිකරන්නේ නම් ඒ සදහා නිසි අවසරය ලබාගත යුතු බවය. කෙසේවෙතත් නඩුව අසමින් තිබියදී එම නඩුවට අදාළ නීතිමය පදනම වන මහල් සංඛ්‍යාව වෙනස් කිරීමේ නීති සංශෝධනයක් චම්පික ඇමතිවරයා සිය ගැසට් නිවේදනයෙන් සිදුකර ඇත.
එම ගැසට් නිවේදනය ජනවාරි 18 වැනිදා නිකුත් කළද එය අත්සන් කර ඇත්තේ 2017 ජූලි 14 වැනිදාය. එනම් ලෙයාර්ඩ්ස් පාරේ ප්‍රෙද්ශවාසින් විසින් බ්ලූ ඕෂන් සමාගමට එරෙහිව නීතිමය පියවරකට ගිය ආසන්නයේය.

Chandana Sirimalwatte :