පරිප්පු බද්ද 400%න් ඉහළට

පරිප්පු ආනයනය කිරීමේදී අයකරනු ලබන විශේෂ වෙළඳ බද්ද අද(09) සිට ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අනුව පියළි කරනලද පරිප්පු කිලෝවක් ආනයනය කිරීමේදී මෙතෙක් අයකරන ලද රු:3.00ක් වූ බදු මුදල රු:12.00ක් දක්වා ද පියළි නොකළ පරිප්පු කිලෝවක් සඳහා අය කරන ලද රු:1.00ක බදු මුදල රු:7.00ක් දක්වාද මාස 6ක කාල සීමාවක් දක්වා ඉහල දමන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

පොහොසතුන්ගෙන් බදු අය කර දුප්පතුන් වෙනුවෙන් කටයුතු කරන සරදියෙල් පන්නයේ ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව පවසා බලයට පැමිණි වත්මන් රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව දිගින් දිගටම භාණ්ඩ හා සේවා මත අය කරනු ලබන වක්‍ර බදු ඉහල දමමින් සමස්ත ආර්ථික අර්බුධයේහිම බර සාමාන්‍ය ජනතාව මත පටවමින් සිටින බව පැහැදිළි වේ.

 

Lahiru Umayangana :